මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදාව සිය භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා. එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ 193ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝ 172ක් සහ හෙරොයින් කිලෝ 21ක් තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




