කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරී ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි “රජවත්තේ චතුවා” හෙවත් නාරායනගේ දිලිප් චතුරංග නැමැති රැඳවියෙකු ඉලක්ක කරගනිමින් අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මත්කුඩු චෝදනාවක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි මොහු, පසුගිය 29 වනදා සෙසු රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
රෝහලේ 14 වන වාට්ටුවේ පාදයට මාංචු දමා සිටියදී, අද උදෑසන 6.15ට පමණ කඩාවැදුණු නාඳුනන තුවක්කුකරුවෙකු රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා, රෝහල් තාප්පයෙන් පැන පලාගොස් ඇති බවටයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.



