දොර පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළ 84 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

Share

ඊයේ (11) දින උදෑසන කාලයේ අගලවත්ත පොලිස් වසමේ දෙල්පාවත්ත ප්‍රදේශයේදී කාන්තාවකට පහරදී ඝාතනය කර ඇති බවට අඟලවත්ත පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 79 ක් වූ දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. මරණකාරිය සහ සැමියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇති අතර වයස අවුරුදු 84 ක් වන සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News