කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Share

ඊයේ (11) දින රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට නවගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇතැයි වැඩිදුරටත් සඳහන්. මරණකරු වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News