කරන්දෙණිය, ඉහළ කිරිපේද්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වනවා. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. 2026 ජනවාරි 04 වන දින රාත්‍රියේ මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති මොහු, පසුව ජනවාරි 05 වන දින උදෑසන කාලයේ මියගොස් සිටියදීය්ඊ ප්‍රදේශවාසීන්ට හමුවී ඇත්තේ.
තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන බවයි සඳහන් වන්නේ.



