පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද උදෑසන ඇති වී තිබෙනවා. පිලිපීනයේ බකූලින් නගරයට කිලෝමීටර් 68ක් නැගෙනහිර දෙසින් වූ මුහුදු කලාපයේ මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කරන්නේ. එහෙත් භූමිකම්පාවෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



