දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් හැටන් – ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශය යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කර තිබෙන බවට වාර්තා වනවා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ඉල්ලීමකට අනුවයි යුද හමුදා භට පිරිස් විසින් එම මාර්ගය මෙලෙස යථා තත්ත්වයට පත් කළ ඇත්තේ.
වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහි නවීන ආරක්ෂිත වැටක් ද ඉදිකර තිබෙනවා. මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බැවින් හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී පාදය කරුණා කළ හැකි බවයි උඩමළුවේ වැඩසිටින පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ ඇත්තේ.






