විදේශීය හිමිනමකගේ මුදල් සොරාගත් සැකකරු පොලිස් අත්අඩංගුවට

Share

ඊයේ (06) දින උදෑසන කාලයේදී බැංකොක් සිට මෙරටට ගුවන් මගින් පැමිණි තායිලන්ත ජාතික හිමි නමකට අයත් මුදල් පසුම්බියක් සොරකම් කර ඇති බවට ගුවන්තොටුපල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිදු කරන ලද විමර්ශනයෙන් පසුව හිමිනම පැමිණි ගුවන් යානයේ සිටි විදේශ ජාතිකයෙකු මෙම මුදල් පසුම්බිය සොරකම් කර ඇති බවටයි අනාවරණය වී තිබුණේ. ඉන්පසු කොල්ලුපිටිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී සැකකාර විදෙස් ජාතිකයා ඇමරිකන් ඩොලර් 10,000/=ක් සහිත මුදල් පසුම්බියද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන චීන ජාතිකයෙකු බව වැඩිදුරටත් සඳහන්.

Read more

Local News