දිස්ත්‍රික්ක 7කට ගංවතුර පූර්ව අනතුරු ඇඟවීම්

Share

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම්වල වසන ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානමෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Read more

Local News