නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී පසුගිය 07 වනදා අනතුරට පත් පෞද්ගලික සමාගමක ‘සෙස්නා’ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා ‘මාස්ටර් ඩයිවර්ස්’ (Master Divers) ආයතනයේ සහය ලබාගැනීමට තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, යානයේ ඉදිරිපස කොටස වැවේ මඩේ ගැඹුරට එරී ඇති බැවින් සාමාන්‍ය ක්‍රම මගින් එය ගොඩගැනීම අසීරු වී ඇති බවයි.
අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද සිවිල් ගුවන් සේවා නිලධාරීන්, ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශයේ බෝට්ටුකරුවන් එක්ව යානය ගොඩගැනීමට දැරූ මූලික උත්සාහයන් ව්‍යර්ථ විය. විශේෂඥ සහය මත යානය ගොඩගැනීමෙන් පසු එහි කොටස් වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ඒමට නියමිතය. අනතුරින් යානයට දැඩි හානි සිදුව ඇති අතර, සුළු තුවාල ලබා රෝහල්ගතව සිටි ගුවන් නියමුවන් දෙදෙනා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත







