බදුල්ලේ සියළුම පාසල්වලට විශේෂ නිවාඩුවක්

Share

අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද (09) පෙරවරු 11:00 ට අවසන් කර, සිසුන් සහ ගුරුවරුන් නිවෙස් බලා පිටත් කිරීමට පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නියෝග කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් පිළිබඳ විශේෂ පූර්ව අනතුරු ඇඟවීම් පදනම් කර ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Read more

Local News