හලාවත – කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දරුවෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම දරුවන් දෙදෙනාගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත්, මියගිය දරුවා හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බිංගිරිය පොලීසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වාර්තා වන්නේ.



