හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 162 ක මුදලක් අනුමත කරමින් රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇත්තේ. එදිනට ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මෙම නියෝගය නිකුත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.



