2026.02.13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ එක් වෙඩික්කරුවෙකු 2026.02.21 දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (24) දින ඌව පළාතේදී මෙම අපරාධයේ අනෙක් වෙඩික්කරුද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.



