චීන අග්‍රාමාත්‍ය Li Qiang විසින් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ඉදිරි පස් අවුරුදු සැලසුම යටතේ නවොත්පාදන සංවර්ධනය සඳහා පර්යේෂණ අයවැය වාර්ෂිකව 7%කින් වැඩිකිරීම ඇතුළු ප්‍රධාන ඉලක්ක 20ක් හඳුන්වා දී තිබෙනවා. පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් කාබන් විමෝචනය 17%කින් අඩු කිරීමටත්, 2026 වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% – 5% අතර මට්ටමක පවත්වා ගැනීමටත් මෙහිදී අපේක්ෂිතයි. මීට අමතරව, මිලියන 12ක නව රැකියා උත්පාදනය, විරැකියා අනුපාතය 5.5% දක්වා පාලනය කිරීම, පාරිභෝගික මිල දර්ශකය 2% මට්ටමේ තබා ගැනීම සහ ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700 ඉක්මවා පවත්වා ගැනීම වැනි ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් චීනය සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Share
Read more



