පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

Share

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල වෙනස් වුවද ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත්, මෙවර ඉන්ධන මිල රුපියල් 22කින් ඉහළ යාම නිසා අනෙකුත් සංගම් සමඟ සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවත්, ඒ අනුව අදාළ ගාස්තු වැඩිවීම අද සිටම ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Read more

Local News