තෙල් මිල ඉහළට – පාසල් වෑන් ගාස්තු 5%කින් වැඩි වෙයි – බස් ගාස්තු වෙනසක් නැහැ (VIDEO)

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර තිබෙනවා. ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පාසල් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමා තිබෙනවා. කෙසේ වෙතත් බස් ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ නැති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News