ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2013 වසරේ එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ. අදාළ අල්ලස් මුදල ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුමකට බැර වී ඇති බවත්, මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත මෙම පරීක්ෂණය අල්ලස් කොමිසමට යොමු වූ බවත් අධිකරණයේදී ප්‍රකාශ වී ඇතැයි වාර්තා වනවා. සැකකරු මීට පෙර මෙම සිද්ධියටම අදාළව ඇප මත මුදා හැර සිටි බව විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නද, විමර්ශනවල සංකීර්ණතාව සහ මූල්‍ය වටිනාකම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රිමාන්ඩ් කිරීමට නියම කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Share
Read more



