ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් තුළ පිපිරීමක්

Share

ටෙක්සාස්හි Port Arthur පිරිපහදුවක සිදුවූ දරුණු පිපිරීමක් හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිපිරීමත් සමඟ අහස කළු දුමෙන් පිරී ගිය අතර අවට ගොඩනැඟිලිවලට ද එහි කම්පනය දැනී ඇති බව‍යි සඳහන් වන්නේ.

කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති වුවද, වාතය දූෂණය වීමේ අවදානමක් පවතින බැවින් බටහිර ප්‍රදේශයේ වැසියන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි මේ වනවිට උපදෙස් දී ඇත්තේ. මාර්ග අවහිර කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන්.

Read more

Local News