දැරණියගල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී කුඩා දරුවෙකු මරුට

Share

අද (07) උදෑසන දැරණියගල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී කුඩා දරුවෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බව දැරණියගල පොලීසිය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා වැටී නිවසේ සිටි මව සහ දරුවන් දෙදෙනෙකු පස්වලට යට වී ඇති අතර ඉන් දරුවෙකු බරපතළ තත්ත්වයෙන් දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළ‌ේ, මිය ගිය දරුවා වයස අවුරුදු 4 හමාරක් වු පිරිමි දරුවෙකු බව අනාවරණය වී ඇති බවයි.

Read more

Local News