ෂමීන්ද්‍ර රාජපක්ෂ හා කපිල චන්ද්‍රසේනගේ බිරිඳට එරෙහිව වරෙන්තු

Share

එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලී විජේනායක හෙවත් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම නියෝගය සියලු ගුවන් තොටුපළවල් වෙත දැනුම් දෙන ලෙසත්, සැකකරුවන් මෙරටට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගෙන දැනුම් දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News