ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙකු බේරුවල වරාය ආසන්නයේදී මුහුදුට වැටී අතුරුදන්ව තිබෙන බවට වාර්තා වෙයි.
බහුදින ධිවර යාත්‍රාවක් නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී රල පහරට හසුව මෙසේ එහි ගමන් ගත් අයෙකු මුහුදට වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ .
අතුරුදන්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අතුරුදන්වූ පුද්ගලයා සෙවීම සඳහා බේරුවල පොලීසිය නාවික හමුදා නිලධාරින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.