මොරගහකන්ද ජලාශ වැඩ භූමිය ආසන්නයේදී වැලි ටිපරයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
නකල්ස් නැරඹිමට ගොස් අනතුරුව මොරගහකන්ද ජලාශය නැරඹිමට යන අතර තුරදි ජලාශ භුමි මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදි ඉදිරියෙන් පැමිණි ටිපරයට මොවුන් පැමිණි යතුරු පැදිය යට වී තිබේ.
තරුණයින් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇත.
ටිපරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.