ඇමරිකානු-ඉරාන ගිවිසුම මේ වන විට සම්පූර්ණ කර ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරනු ඇති බවත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14) සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාමයක් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම විධිමත් ලෙස තහවුරු කරමින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය ද අද (15) අලුයම ප්‍රකාශයක් නිකුත් කර තිබිණ.
“ඉස්ලාමාබාද් සංදේශය” ලෙසින් නම් කර තිබෙන දෙරට අතර අදාළ ගිවිසුම සඳහා අත්සන් තැබීමේ විධිමත් උත්සවය ලබන 19 වැනිදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙකු ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් විසින් සාදරයෙන් පිළිගත් බවයි.
එමෙන්ම, ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා ඇති කරගත් එකඟතාවයෙන් පසුව, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Share
Read more



