චීන අගමැති සහ මියන්මාර ජනපති අතර හමුවක්

Share

චීන අගමැති Li Qiang මහතා,  චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වූ මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා හමු වෙයි. එම හමුව ඊයේ(16) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
නව මියන්මාර රජයේ සුමට පාලනය සඳහා චීනය ස්ථිරවම සහාය දෙන බවත්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කරමින් මියන්මාරය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් Li Qiang මහතා පැවසීය.
මියන්මාරය සමඟ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ උසස් තත්ත්වයේ සහයෝගීතාව පුළුල් කිරීමට, චීන-මියන්මාර ආර්ථික කොරිඩෝවේ ප්‍රධාන ව්‍යාපෘති ඉදිකිරීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහ පුනර්ජනනීය බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
“එකම චීනය” මූලධර්මය මියන්මාරය දැඩි ලෙස අනුගමනය කරන බවත්, “තායිවාන ස්වාධීනත්වය” අරමුණු කරගත් බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට දැඩි ලෙස විරුද්ධ බවත් Min Aung Hlaing මහතා ප්‍රකාශ කළේය. මියන්මාරයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දෙන වටිනා සහාය වෙනුවෙන් මියන්මාරය චීනයට කෘතඥතාව පළ කරන බව හෙතෙම පැවසීය. වෙළඳාම සහ ආයෝජන වැනි ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගීතාව ගැඹුරු කරමින්, මියන්මාර-චීන පුළුල් උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News