චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා කාම්බෝජ මහජන පක්ෂ සභාපති සහ එරට සෙනෙට් සභා සභාපති Hun Sen මහතා අතර හමුවක් අද (25) පස්වරුවේ බෙයිජිංහිදී සිදු විය. පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීමට මනාව දායක වීම සඳහා, කාම්බෝජ ව්‍යවස්ථාදායක ආයතනවල ව්‍යවස්ථාදායක සහ අධීක්ෂණ අත්දැකීම් අන්‍යෝන්‍ය ලෙස අධ්‍යයනය කිරීමට සහ ඒවා උපයෝගී කර ගැනීමට චීන ජාතික මහජන කොංග්‍රසය කැමැත්තෙන් සිටින බව Zhao Leji මහතා මෙහිදී පැවසීය.
දේශපාලන පක්ෂ සහ ව්‍යවස්ථාදායක ආයතන යනාදිය තුළ චීනය සමඟ හුවමාරු හා සහයෝගීතා ශක්තිමත් කිරීමටත්, කාම්බෝජය සහ චීනය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කිරීමටත් කාම්බෝජය කැමැත්තෙන් සිටින බව Hun Sen මහතා මෙහිදී සඳහන් කළේය.




