ජපානයේ චිබා ප්‍රාන්තයට කිලෝමීටර් 50ක් ගැඹුරින් අද (26) දහවල් 12:46ට රික්ටර් පරිමාණ 5.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර, එහි බලපෑම ටෝකියෝ අගනගර කලාපයට ද දැඩිව දැනී තිබෙන බවට වාර්තා වනවා. ජපන් කාලගුණ විද්‍යා ඒජන්සියේ (JMA) කම්පන තීව්‍රතා පරිමාණයේ 4 වන මට්ටම ලෙස සටහන් වූ මෙම භූ කම්පනයත් සමඟ එරට භූමිකම්පා නිරීක්ෂණ ජාලය වහා ක්‍රියාත්මක වූ අතර, මින් සුනාමි අනතුරක් නොමැති බවටයි බලධාරීන් තහවුරු කර ඇත්තේ. සිදුවීමෙන් විශාල දේපළ හානියක් හෝ ජීවිත හානි වාර්තා වී නොමැති අතර, මෙමගින් සංචාරකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආපදා සූදානම පිළිබඳ අවධානය යළිත් යොමුව තිබෙන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
Share
Read more



