හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
බිම් අඟලක හිමිකමක් නොමැති ජනතාවට ඉඩම් අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ඉඩම් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු සහ බලපත්‍ර පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රාජාංගනය, පදවිය සහ කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පවුල් 1500 කට ආසන්න බලපත්‍ර ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බලපත්‍ර නොමැති විහාරස්ථාන කිහිපයක් සඳහා පූජා ඔප්පු පිරිනැමීම ද එහිදී සිදුවිණ. වත්මන් රජය යටතේ සෑම සමාජ කොට්ඨාසයකම සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කෙරෙන බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුනී.