ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ පැවැත්විණි.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන කැඳවාගෙන යනු ලැබීය.
“ළඟම පාසල – හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ප‍්‍රාථමික කි‍්‍රයාකාරකම් ගොඩනැගිල්ල සහ සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අනතුරුව පැවති උත්සව සභාවේ දී “විද්‍යාභිමානි” සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූවන් වෙත සම්මාන සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
විද්‍යාලයේ අබාධිත දැරියක් වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ද සිදු විය.
විද්‍යාලය වෙත ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.