Home දේශීය පුවත් අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය යථා තත්ත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය යථා තත්ත්වයට

0
අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය යථා තත්ත්වයට

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හා තද සුළං නිසා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුන අතර දැන් එයින් 90%ක් පමණ යථා තත්ත්වයට පත් කොට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

හැටන්, දික්ඔය, මස්කෙලිය, නුවරඑලිය, නාවුල, පල්ලේපොළ සහ ගලහ ආදි ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතත් තවත් නිවාස 10,000 – 15000 ක් අතර ප්‍රමාණයකට තවමත් විදුලිය ලැබී නැතැයි ද ඒවා ද දැන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය.

නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩට විදුලිය ගෙන යන අධිවේගි විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීමක්ද සිදු වු නමුත් එය දැන් අලුත්වැඩියා කොට විදුලිය සැපයුම යථා පරිදි සිදු කරගෙන යන බවද ඒ මහතා පවසා සිටිය‌ේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here