දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය අද සිට (12) ක්‍රමයෙන් අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවේ.
දිවයින හරහා විශේෂයෙන්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහඌව පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය
දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැක.