පසුගිය මැයි මස 10 වැනිදා සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 සිට 101 දක්වා ඉහළ දැමුණි.
ඒ අනුව ධීවර ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් භූමිතෙල් ලිටරයක් රුපියල් 70ට ලබාදීම අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රජය පියවර ගෙන තිබේ.
අවස්ථා ගණනාවකදී, තමන්ට සාධාරණ මිලකට භූමිතෙල් ලබා දෙන ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටියේය.
ධීවර අමාත්‍යාංශය සදහන් කළේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව, භූමිතෙල් මිල අඩුකිරීමට හැකි වූ බවයි.
භූමිතෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් වේ.
එහි නව මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීමේ දී ලීටරයකින් රජයට සිදුවන පාඩුව රුපියල් 30කි.