අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නවතා දැමීමට තිරණය කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට දින හතක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබුණි.
ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලැබුණ හෙයින් ඔවුන් මෙසේ තාවකාලිකව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.