18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා උළෙලේ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්රී ලංකා කනිෂ්ඨ මලල ක්රීඩක ක්රීඩිකාවෝ සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනිමට සමත්ව ඇත.
එමෙන් ම මෙහිදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් තැබීමට ද මීටර් 400 ඉසව්වනේ අරුණ දර්ශන සිසුවා සමත්ව ඇත.
රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 15ක් හා ලෝකඩ පදක්කම් 12ක් ලබාගනිමින් ජපානය පළමු ස්ථානයේ ද, රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 05ක් ලබාගනිමින් චීනය දෙවන ස්ථානයේ ද, රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 10ක් ලබාගනිමින් ඉන්දියාව තෙවන ස්ථානයේ ද, රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 05ක් හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින් චීන තායිපේ සිව්වන ස්ථානයේ ද පසු විය.