සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
දිවයින හරහා විශේෂයෙන්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහඌව පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.