අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රැස්වීම අද ත‍්‍රිකුණාමලයේ දී

Share

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප‍්‍රාදේශීය රැස්වීම අද (13) ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිතය.

ජනතාව සමග මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම, මාතර හා මුලතිවු යන දිස්ත‍්‍රික්ක මුල් කර ගනිමින් 2018 මැයි මාසයේ දී දියත් කරන ලදී.

කොමසාරිස්වරු හත්දෙනාම අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක‍්‍රියාකාරීන් මෙන්ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක‍්‍රමවේදයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ව්‍යුහය හා මෙහෙයුම් කටයුතුවලට ජනතාවගේ යෝජනා ඇතුළත් කිරීමට ඒ සම්බන්ධයෙන් ජනතාඅඳහස් විමසීමත් අපේක්ෂා කෙරේ.

 

Read more

Local News