සංවර්ධන ව‍්‍යාපෘති තුනෙහි තොරුතුරු ලබාගැනීමට කාර්යාල තුනක් වීවෘත ක‌ෙ‌රේ

Share

වයඹ පළාත් ඇළ, කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල – හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති තුනෙහි මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා කාර්යාල තුනක් වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා, ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දී ඇත.
යම් සංවර්ධන ව්‍යාපෘතියක් ජනතාවට සගවා සිදුකළ නොහැකි බැවින් එම ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගන්නා ඉඩම්, ගෙවන වන්දි ප්‍රමාණය ආදි තොරතුරු ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකි විය යුතු බවත් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම තුළින් ව්‍යාපෘතියක් සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බවද දිසාපතිවරයා මෙහිදී පැවැසීය.
මෙම ව්‍යාපෘති හේතුවෙන් තම ඉඩම් හා නිවාස ඇතුළු දේපල අහිමිවන්නන් පැවසුවේ දුම්රිය මාර්ගය හා  අධිවේගි මාර්ගය ගමන් කරන මාර්ගය පිළිබඳ තොරතුරු නිශ්චිත නොවන බැවින් තම  නිවාස අලුත්වැඩියා කිරිමට හෝ අලුතින් ගොඩනැගීමට නොහැකිව වසර ගණනාවක් තිස්සේ බලා සිටිමට සිදුව ඇති බවත් නව දුම්රිය මාර්ගය ගමන් කරන මායිම් වරින් වර වෙනස් වීම හේතුවෙන්  ජනතාව ගැටලු රැසකට මුහුණ දී ඇති බව ඔවුන් විසින් පෙන්වා දුන්හ.
මේ කරුණු සියල්ල පිළිබඳව අවධානය යොමුකළ මාතලේ දිසාපතිවරයා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘති තුන වෙන වෙනම ක්‍රියාත්මක වුවත් ව්‍යාපෘති තුනම එකට ගෙන සාකච්ඡා කිරිමෙන් ගැටළු රැසක් විසඳාගත හැකි බවයි. විශේෂයෙන්  දඹුල්ල මහනගර සංවර්ධන සැලැස්ම සමග මෙම අධිවේගි මාර්ගය හා නව දුම්රිය මාර්ගය සම්බන්ධවන බැවින් ගැටළු අවම කරගැනිම සඳහා මෙම ව්‍යාපෘති සියල්ලේම ප්‍රධානීන් සති දෙකකට වරක්වත්  හමුවි සාකච්ඡා කළ යුතු බවද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවධාරණය කර සිටියේය.

Read more

Local News