ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි විමසීම සඳහා අද (13) ගුවන් නියමුවන් 03 දෙනෙකු කැඳවා තිබේ.
සාක්ෂි විභාගය අද උදෑසන 10.00 ට ආරම්භ කෙරුණි.
මීට පෙර කොමිසම සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් හා සමාගම් රෙජිස්ටාර් අංශය භාර කළමනාකරණ සහකාරවරයාගෙන් මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගත්තේ ය.