ඊයේ (26) චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ නේපාල සීමාවේ සිදු වූ නායයෑමක් හේතුවෙන්, චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයින් රැසක් අතුරුදන් වූහ.
ව්‍යසනයෙන් අනතුරුව, චීන ජනාධිපති ෂී ජින්පිං ආපදා තත්ත්වයේ හානි වළක්වා ගැනීම සඳහා වැදගත් උපදෙස් ලබා දී තිබේ. ජනතාවගේ ජීවිත හා දේපළ ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු විද්‍යාත්මකව සංවිධාන කරමින් නිරීක්ෂණ, පූර්ව අනතුරු ඇඟවීම් සහ අවදානම් තුරන් කිරීම තහවුරු කළ යුතු බව ෂී ජින්පිං අවධාරණය කළේය.
මේ අතර චීන අගමැති ලී ච්‍යං ද උපදෙස් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, පුද්ගලයින් බේරා ගැනීම, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පූර්ණ උත්සාහයන් යෙදිය යුතු බවයි. ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Share
Read more



