දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර විශේෂ නියෝජිත මට්ටමේ 25 වැනි සාකච්ඡා වටය පසුගියදා (27) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී කරුණු අටකට එකඟතාව ලබාගෙන ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (28) නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත.
චීන විශේෂ නියෝජිත, විදේශ අමාත්‍ය Wang Yi සහ ඉන්දීය විශේෂ නියෝජිත, ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval යන මහත්වරු දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කරගත්හ. එහිදී කරුණු අටකට එකඟතාව පළ වී ඇත.
දෙරටේ නායකයන් විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීමටත්, දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීමටත් දෙපාර්ශ්වය යළිත් සිය කැපවීම තහවුරු කර තිබේ. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා මනාව සහ ස්ථාවරව වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණ වී ඇත.
Share
Read more



