නේපාලය–ටිබෙට් දේශසීමාවේ ඇති වූ හදිසි ගංවතුරෙන් මිය ගිය ගණන 150 ඉක්මවයි, 400කට වැඩි පිරිසක් අතුරුදන්

Share

දැවැන්ත හදිසි ගංවතුරක් සහ මඩ නායයෑමක් හේතුවෙන් නේපාලයේ පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, සංචාරකයන් සිය ගණනක් අතුරුදන් වී තිබේ. නවතම වාර්තාවලට අනුව නේපාලයේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 157ක් වන අතර, 400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.
නේපාල සංචාරක මණ්ඩලයේ තොරතුරුවලට අනුව අතුරුදන් වූ පිරිස අතර ඉන්දීය ජාතිකයන් 100කට වැඩි පිරිසක්, ඇමරිකානු ජාතිකයන් 54ක්, ඔස්ට්‍රේලියානු ජාතිකයන් 34ක් සහ එංගලන්ත ජාතිකයන් 33ක් සිටින බව වාර්තා වේ. නේපාල ජාතිකයන් 100කට වැඩි පිරිසක් ද අතුරුදන්ව සිටිති. මෙම ප්‍රදේශය වන්දනාකරුවන් සහ කඳු තරණය කරන්නන් අතර ජනප්‍රිය ස්ථානයකි.

ටිබෙට් ප්‍රදේශයේදී චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. Gyirong ප්‍රදේශයේ දේශසීමා පිවිසුමකට දැවැන්ත ජල හා මඩ ප්‍රවාහයක් කඩා වැදෙන ආකාරය CCTV දර්ශනවල දැක්වේ.

ගංවතුරට පෙර භූමිකම්පාවක් සිදුවී ඇති බවට බලධාරීන් මුලින් සැක කළහ. එහෙත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුව ප්‍රකාශ කළේ නායයෑමක් (landslide) හේතුවෙන් මෙය ඇති වූ බවයි.

Read more

Local News