ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය ආදරණීය පියාණන්ගේ අඩි පාරේ යමින් එම ගීතවලට නව ප්‍රාණයක් එක්කළ ප්‍රියංකර පෙරේරා 80 දශකයේ සිට මෙරට ගීත කලාව නව මානයකට රැගෙන ගිය ගායන ශිල්පියෙක්. මිය යන විට ඔහු 64 වන වියෙහියි පසු වුණේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



