චීනය හා ඊජිප්තුව අතර එකඟතාවක්

Share

ඊජිප්තුවේ නිල සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං ඊජිප්තු ජනාධිපති  Abdel Fattah El-Sis හමුවෙයි. ඒ අද (2) පෙරවරුවේ ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි Heliopolis මාළිගාවේදීය. 
වත්මන් ගැටුම්කාරී ජගත් හා ප්‍රාදේශීය තත්ත්වයන් හමුවේ පොදු ඉරණමක් සහිත චීන-ඊජිප්තු ප්‍රජාව ගොඩනැගීමට දෙරටම මැදිහත් විය යුතු බව හෙතෙම සඳහන් කළේය. 
ඒ වෙනුවෙන් ෂී ජින්පිං කරුණු කිහිපයකට අවධානය යොමු කර ඇත. අන්‍යෝන්‍ය සහය මත චීන-ඊජිප්තු උසස් පෙළේ හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ඒ ඒ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා තහවුරු කරන අතර රටේ පරිපාලන අත්දැකීම් අන්‍යෝන්‍ය වශයෙන් අධ්‍යයනය කළ යුතුය. අන්‍යෝන්‍ය  ජයග්‍රාහී සහයෝගීතාවය ප්‍රවර්ධනය කර, උපායමාර්ගික සම්බන්ධීකරණය තහවුරු කිරීමෙන් සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල සැඟවුණු සහයෝගිතා හැකියාව ප්‍රවර්ධනය කිරීමට හරිත බලශක්ති සම්පත්, විදුලි මෝථර් රථ යන ක්ෂේත්‍රවල නව අවස්ථා බිහි කළ යුතුය. එමෙන්ම, මානව හුවමාරු තහවුරු කරමින් සංස්කෘතිය, අධ්‍යාපනය, විද්‍යා තාක්ෂණ යන ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා පුළුල් කළ යුතුය. තවද, ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කළ යුතුය. ජාත්‍යන්තර බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමෙන් වඩාත් සාධාරණ මෙන්ම යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතිය ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බව ද ෂී ජින්පිං එහිදී පැවසීය.
එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන ඊජිප්තුව, දෙරටේ සම්පූර්ණ උපායමාර්ගික හවුකාරීත්වය, වැඩි ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් භාවිත කරන බව ඊජිප්තු ජනාධිපති  Abdel Fattah El-Sis එහිදී සඳහන් කළේය. දෙරටේ ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතාවය තහවුරු කිරීම ඔස්සේ ජනතාවට වාසි ලබා දී කලාපීය සංවර්ධනයටත්, සමෘද්ධියටත් අනුබල දීම වෙනුවෙන් චීනය සමග එක්ව කටයුතු කිරීමට ඊජිප්තුව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පවසා ඇත.
තවද, මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන්, ජනාධිපති දෙපළ එහිදී පුළුල් ලෙස  අදහස් හුවමාරු කරගත්හ. කලාපීය රටවල් අතර මිත්‍ර අසල්වැසි සබඳතාව ප්‍රවර්ධනය කිරීමට චීනය සහය දෙයි. සාමූහික සහයෝගීතාවය පවත්වා ගනිමින්, තිරසර ආරක්ෂක සංකල්පය මත මැදපෙරදිග ආරක්ෂාවේ නව රාමුවක් ගොඩනැගීමට චීනය කැමැතෙන් සිටින බව ද ෂී ජින්පිං පැවසීය. මැදපෙරදිග අර්බුදයේදී, චීනය නිරන්තරයෙන් සාධාරණ මෙන්ම යුක්ති සහගත ස්ථාවරයක් දැරීම සම්බන්ධයෙන් ඊජිප්තු ජනාධිපතිවරයා එහිදී විශේෂ ඇගයීමක් කළේය.

Read more

Local News