යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඒ නීති විරෝධීව විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ලග තබාගත් බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ය.
සැකකරුවන් සතුව තිබී මිලිමීටර 09 වර්ගයේ පිස්තොලයක්, හිස් පතොරොම් ගැබක් සොයාගෙන ඇත.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.