අද (14) උදෑසන සිදු වු යතුරුපැදි අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත් වී ඇත.
කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදු වි ඇත.
මෙම රිය අනතුරිින් මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි මාස තුනකි.
මොවුන් කුරුණෑගල දෙස සිට කටුගස්තොට දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් එම දිසාවටම ගමන් කළ යතුරු පැදියක පිටුපස ගැටී කටුගස්තොට දෙස සිට කුරුණෑගල දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම රිය අනතුර සිදු ව ඇත.