බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට තිරණය කර ඇත.
ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරු විම හේතුවෙනි.
ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළේය.
ඊට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.