ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව සාකච්ඡා පවත්වයි

Share

චීනයේ සහ ඇමරිකාවේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20) ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්විණ. චීන උප අගමැති He Lifeng, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greerගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.
දෙරටේ නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබේ. මීට පෙර පැවති සාකච්ඡාවලින් ලද පොදු අදහස් හා ද්විපාර්ශ්වික වෙළඳ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොදු අවධානයට ලක් ආර්ථික හා වෙළඳ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අවංක, ගැඹුරු හා සංවර්ධනාත්මක අදහස් හුවමාරු පවත්වා ඇත. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද එහිදී සංවාද පැවැත්විණ.

Read more

Local News