ශ්‍රී දළදා සමිදුන් වෙත සිදු කෙරෙන යල් අස්වනු පූජෝත්සවය

Share

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධාන සමගින් වාරිමාර්ග කළමනාකරණ අංශය මගින් සංවිධානය කරන ශ්‍රී දළදා සමිදුන් වෙත සිදු කෙරෙන යල් අස්වනු පූජෝත්සවය සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 01 යන දිනයන්හිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ.

ඒ අනුව  එළඹෙන සැප්තැම්බර් 30 දින මහනුවර වැල්බෝධියේදී පැවැත්වෙන බෝධී පූජාවකින් යල් අස්වනු පූජා වැඩසටහන ආරම්භ කරන අතර, ශ්‍රී දන්ත ධාතූන් වහනසේ වෙනුවෙන් ගිලන්පස පූජාවක්ද පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිතුමන් ප්‍රම්‍රඛ රජයේ ආශිර්වාදයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම උත්සවය සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන්ගේ දායකත්වය ලැබී තිබේ.

 

 

Read more

Local News