චීන ජනාධිපති ෂී ජින්පිංගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්ය Wang Yi, අසර්බයිජානයේ Baku හි පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සහභාගි වී ඊයේ (15) දේශනයක් පැවැත්වීය.එහිදී ඔහු යෝජනා හතරක් ඉදිරිපත් කළේය.
පළමුවැන්න සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීමයි. ආසියාවේ ගැටලු, ආසියානු ජනතාව විසින්ම සමගිය සහ සහයෝගීතාව තුළින් විසඳාගත යුතු බව ඔහු පැවසීය. පොදු, පරිපූර්ණ, සහයෝගී සහ තිරසර ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්මක් පවත්වාගෙන යාමෙන් ආසියාවේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
දෙවැන්න සමෘද්ධිය සහ පුනර්ජීවනය ඒකාබද්ධව ප්රවර්ධනය කිරීමයි. සියලු ගැටලු විසඳීම සඳහා සංවර්ධනය ප්රධානතම මාර්ගය බව Wang Yi සිය දේශනයේදී සඳහන් කළේය.
ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්යෝන්ය ඉගෙනීම ඒකාබද්ධව ප්රවර්ධනය කිරීම තුන්වැනි යෝජනාව ලෙස හෙතෙම ඉදිරිපත් කළේය. අවසාන යෝජනාව වන්නේ ගෝලීය පාලනය ඒකාබද්ධව වැඩිදියුණු කිරීමයි.
Share
Read more



