මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණවැදී තර්ජනය කිරීමට වරදකරු වූ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන්නේය.
ඒ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කළ අභියාචනය විභාග කිරීම ලබන 22 දා තෙක් කල්දැමීමට මහාධිකරණය නියෝග කළේය.
අභියාචනය විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙසේ එය කල් දමා ඇත.